Tuesday, March 29, 2011
F...k SL Railways!
Fuck all of those who were responsible for yesterdays strike and made me and many thousands sweat in the bloody buses.
Fuck them all who had the idea to strike on a day when a cricket world cup semis were held.
Fuck you all who stole my and many others time!
ඔබත් මේ අපහසුතාවයට පත්වූවා නම් ඔබේ කෝපය මෙහි මුදා හරින්න.
Thursday, March 17, 2011
Monday, March 14, 2011
Sunday, March 13, 2011
Saturday, February 19, 2011
ඇන්ජලීන්
ටික කාලෙකින් තමයි ලියන්නෙ. ලියනව කිව්වට නිමිත්තක් තියෙන්නත් ඕනැනෙ. ඔය කියන නිමිත්ත පහළවුනේ මගේ හිතවත් තිවංක ලියපු ගුණදාස කපුගේ නම් වූ සොඳුරු මිනිසා නම් වූ ලිපිය කියවීමෙන් පසුවයි.
ලංකාවේ ගායකයින් අතරින් සුපැහැදිලි ව ස්වර වල පිහිටා ගායනා කල හැක්කේ කීදෙනෙකුටද. ඒ අතලොස්ස අතරින් ඇන්ජලීන් ගුණතිලක ඉදිරියෙන්ම ඉන්නා ගායිකාවකි.
ඇය ගායනය කරන විට හැම විටම නිවැරදි සෘතියේ පිහිටයි, කිසි විටෙක ඉන් පිට නොපනියි. ස්වර ඉතා සුපැහැදිලි ලෙස ගායනා කරයි. බොහෝ විට ලංකාවේ ගායකයින් අනාගන්නේ improvise කරන්නට යාමෙනි. Imrovisation යනු ගායකයාගේ හැකියාව පෙන්නුම් කරන අකාරයකි. තනුව අනුවම ගායනා නොකර ගායකයා තමාගේම යමක් තනුවට එකතු කිරීම improvisation ලෙස හැදින්වීමට හැකිය. හරියට කලොත් මෙය ඉතා මිහිරි අත්දැකීමකි. improvise කිරීම තිතටම කරන ගායිකාවකි ඇන්ජලීන් ගුණතිලක. ඇය කිසිම විටක improvise කිරීමට ගොස් ඇනගන්නවා මම නම් අසා නැත. ඇය එතරම් ස්ථිර ලෙස ස්වර වල පිහිටා ගායනා කරයි.
අන්ජලීන් ගුණතිලක ගායිකාවගේ මා දකිනා අනික් ගුණයනම් ඇයගේ ඉතා හැඟුම්බර ගායනයි. ලංකාවේ ගායකයින් වැඩි දෙනා පද කියවනවා මිස එයට හැඟීම් එකතු නොකරයි.
වැඩි දුර ගුණගැයීමට අවශ්‍ය නැත. පුංචි පුතා ගීතය ඇන්ජලීන් ගායනා කරන ඉහත ගුණාංග සියලු දේ ගැබ්වී ඇති ගීයකි. මෙය ශ්‍රවනය කර ඇසට කඳුලක් උපන්නේනම් මා කියන දේ ඔබටත් වැටහේවි.
(සැලකිය යුතුයි. මෙම ගීය ඇය ගායනා කරන්නේ ස්න්ෆ්ලවර් සමගිනි. නමුත් ඇය කිසිම විටෙක එය නිර්මානයේ ගුණය පහත හෙලීමට අතකොලුවක් කර නොගනියි. )
Saturday, February 5, 2011
එයාලගෙ විප්ලවය.
මේක මට ලියන්න හිතුනෙ නදී ලියල තිබුන ලිපියක් කියවපුවමයි.
88 - 89 කාලෙ හරි පුදුම කාලයනෙ. ඒක තේරෙන්නෙ දැන්. ඒ දවස් වල තිබුන බරපතල කම අපිට තේරුනේ තවත් අචුරුදු ගානකට පස්සෙ කිව්වොත් හරි. ඔය කාලෙ ගැන බොහොම අය බොහොම දේවල් ලියල තියනවනෙ. ඔය කාලෙ ගැන ගොඩක් අයට කියන්න තරම් හොඳක් නැති තරම්. ඒත් ඉතින් මතක් කරල හිනාවෙන්න පුලුවන් දේවලුත් සිද්ද නොවුනෙත් නැහැ.
ඒ කාලෙ අපි ඉස්කෝලෙ ගියේ ඉගෙන ගන්න බලාගෙන නෙවෙයි. ගෙදරින් එලියට බැහැල යන්න දුන්න එකත් පුදුමයි දැන්නම්. ඉස්කෝලෙ පටන් ගන්න සීනුනව වෙනුවට පත්තුවෙන්නෙ රතිඤ්ඤ. ඒකත් පත්තු වෙන්නෙ විදුහල්පති තුමාගෙ කාර්යාලය යට (එහෙම වෙන්නෙ කොහොමද කියල කියන්න වෙනම කතාවක් ලියන්න වෙනවා). ගුරුවරු පන්ති වලට එන්නෙ නැහැ. කොල්ලො ටික ඔක්කොම එලියට බහින්වා... උද්ඝෝශන කරන්න.
ටික දෙනෙක් පන්තියට වෙලා ඉන්නවා. කවුරු හරි හිතනවනම් ඒ බයකට කියලා ඒක එහෙම නෙවෙයි. රටේ සිද්දවෙන දේවල් ගැන මම ඒ දවස් වල හිටීයෙ කැමැත්තකින් නෙවෙයි. කවුරු කවුරුත් දේශ ප්‍රේමයයි, ජාතික ආරක්ෂාවයි ඉස්සරහට දමාගෙන කලේ වැරදි වැඩනෙ.
ඔන්න කට්ටිය ඔක්කොම ප්‍රධාන ගේට්‍ටුව ගාව රැස් වෙලා උද්ඝෝශනය. කට්ටිය J.R. (මේක 88 කතාවක්) මහත්තයගෙ පඹයෙකුත් හදාගෙන. සංවිධානය කරපු අයියලගෙ කතාව වෙනද වගේ ඉස්කෝලෙ ඇතුලට සීමා නොවී කට්ටිය පාරට බහින්න. අල්ලපු වැටේ තියෙන්නෙ "බාලිකාව". දැන් සැලැස්ම බාලිකාවට ගිහින් එහෙ ඉන්න ගෑනු ලමයි ටිකත් පාරට බස්සන්න. ඊට පස්සෙ ටවුමෙ එහා කෙලවරේ තිබුන පිරිමි පාසලට පෙලපාලියෙ ගිහින් එහෙ ඉන්න කොල්ලොත් උද්ඝෝශනයට එක්කර ගන්න. ඊට පස්සෙ ඒ කෙලවරේම තිබුන convent එකේ ළමයිනුත් එලියට ගන්න තමයි කට්ටියගෙම හිත.
බොහොම අයට උද්ඝෝශනයට වඩා ගැහැනු ඉස්කෝල වලට යන එකේ තමයි ආතල් එක තිබුනෙ.
අපි කීප දෙනෙක් විතරක් පංතිවල. අයියල කීප දෙනෙක් ඇවිත් තග දලා අපිව පංතිවලින් එලියට පැන්නුවා. දැන් ඉතින් මොනව කරන්නද. common sense කියන දේ අබ ඇටයක් තරම්වත් තියෙන ඕනෙ කෙනෙකුට තේරෙනව විප්ලව කරන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනෙ කියල. එක්කො පොලිසියෙන් ගුටි නැත්නම් වෙඩි. එහෙම හිතාගෙන සෙනග අයිනට වෙලා අපි ටික දැන් ඉන්නවා.
ඔය අස්සෙ එකෙක් කිව්වා, මචං, එන පොට හරි නැහැ, අපි පනිමු කියල. ඉස්කෝලෙ පැත්තක ගේට්‍ටුවක් තියනව. අපි එතෙන්ට හෙමින් කිට්‍ටු කරනකොට අයිල දෙන්නෙක් එතන මුර, අපි වගේ අය පැනල යන එක වලක්වන්න. අද වගේම තමයි ඒ දවස් වලත් ගල් පැලෙන බොරු කියන්න අපි දක්ෂයි.
"අයියෙ, අන්න පෙළපාලිය යන්න හදනව, ඔයාලට එන්න කිව්වා X අයියා."
"අපි ගේට්‍ටුව බලා ගන්නම්....!"
අනේ අපරාදෙ කියන්න බැහැ ඒ අයියල දෙන්න....... අද නම් කොහේ ඉන්නවද දන්නෙ නැහැ......., ඒක අහපු ගමන්ම යන්න ගියා.
ගේට්‍ටුව ගාව ඉඳලා මහ පාරට මීටර් 100 විතර තියනවා. මහ පාර කිව්වට කොළඹ නුවර පාර. ගෙදර යන්න පාර පනින්න ඕනෙ. පාරෙ ඉඳල අහු උනොත් කෙලින්ම පොලිසියෙ. කරන්න දෙයක් නැහැ. කවදාවත් නොගිය පාරකින් කඩේක පිටි පස්සට ආව. කඩේ වැඩ කරපු ගෝලයෙකුට කිව්ව පාරෙ පොලිසියෙන් ඉන්නවද බලන්න කියල. හැබැයි ඉතින් කඩේ හිටිය අයත් අපිට බොහොම සහයෝගයක් දුන්න.
අපේ වාසනාවට පාරෙ පොලිසියෙන් හිටියෙ නැහැ. කට්ටිය පාර පැන ගත්තා. පාර දෙපැත්ත බැලුවද කියල මට අදවත් මතක් වෙන්නෙ නැහැ. ඔන්න ඉතින් වෙනද ගෙදර යනවට වඩා තුන් ගුණයක් විතර ඇවිදල, ඔලුව වටේ කණ අත ගානව වගේ මහ වටයක් ගිහින්, අනුන්ගෙ වතු උඩින්, වැටවල් උඩින්, ඇලවල් දිගේ ගිහින් ගෙදර ආව.
පස්සෙ ආරන්චිය ගෙදරට ආව, කට්ටියට හොඳට පොලිසියෙන් නෙලල. වාසනාවට වෙඩි තියලා නැහැ.
අල්ලපු ගෙදර කොලුවට කොසු මිටක් විතර වේ වැලකින් කොන්දට පාරක් දීලා. මම හවස මිනිහව බලන්න යනකොට අම්මා ඉදිමුමට තෙල් ගානව. ඒ මදිවට පොලිසියෙන් බේරෙන්න අඩි 15 විතර බැම්මකින් පැනලා. කොන්ද නොකැඩී බේරුන එක ඇති. අප්සෙට්ම කතාව තමයි, මිනිහගෙ පවුලම අමු UNP. එහෙව් එකා තම්යි JR ට විරුද්ධව උද්ඝෝෂණය කරල ගුටි කාල තියෙන්නෙ.
එදා ගොඩක් අයගෙ කතාව ඔය වගේ තම්යි.
එදා පෙලපාලියෙ සංවිධායකයො AL කරලා කැමපස් ගියා. අද ආණ්ඩුවෙම හොඳ රස්සා කරනවා.
ඔන්න එයාලගෙ විප්ලවය.
Sunday, January 16, 2011
මගේ ලේ විකිනෙන හැටි
දැක්කම ටිකක් හිත ගැස්සෙන subject එකක තමයි මේක. ඒත් මේක මටම සිද්ද වෙච්ච නිසා නොලියත් බෑ.
පසුගිය දවසක මගේ ලඟම යාලුවෙක්ගෙ අම්ම කෙනෙකුට හදිසියේ හදවත් by pass සැත්කමක් කරන්න සිද්ද උනා. මේක කලේ IT වලට ලොකු සම්බන්ධයක් තියෙන කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක. මේවගෙ අය කිරීම් සම්බන්ධයෙන් වෙනම ලිපියක් ලියන්න ඕනෙ. ඒක නිසා ඒ ගැන ලියන්නෙ නෑ.
සැත්කමට රුධිරය පයිට් 4 ක් ඕනෙ කරල තිබුනා. මේ ගැන මගේ මිත්‍රයා මට කිව්වෙ ඒ ගැන යමක් කරන්න මට පුලුවන් කියල තිබුන විස්වාසය නිසයි. ඇත්තටම පයිට් 4ක් කියන්නෙ 4 දෙනෙකුගෙ රුධිරය. ඒත් හදිස්සියෙ රුධිරය ඔනෙ උන නිසා මම ජාතික ලේ දීමේ සේවයේ (නාරාහෙන්පිට) වැඩ කරන මගෙ ලඟම මිතුරියකට කතා කලේ උදව්වක් ගන්න හිතාගෙන.
මගේ මිතුරිය නම් මට කිව්වෙ ඉස්සෙල්ම රෝහලෙන් පිටතින් ගෙනෙන ලේ බාර ගන්නවද කියල අහන්න කියලයි. රෝහලින් මේක ගැන ඇහුවම කිව්වෙ පිටතින් ගේන ලේ "ජාතික ලේ දීමේ සේවයේ" උනත් බාර ගන්නේ නැහැ කියලයි.
කමක් නෑ, වැඩේනෙ වෙන්න ඕනෙ කියලා කොල්ලො 7 දෙනෙක් එක්කරගෙන ගිහින් ලේ පයින්ට් 4 ක් දීලා ආවා.
ඒත් ඇත්ත තේරුනේ පස්සෙ.
ඇයි පිටතින් ගෙනෙන ලේ රෝහල බාර ගන්න බැහැ කිව්වෙ.
මම වෛද්‍යවරයෙක් නෙවෙයි. ඒක නිසා මේක කියවන වෛද්‍යවරයෙක් ඉන්නවනම් හැමෝට දැනුවත් වෙන්න අපිට ලියන්න.
කෙනෙක්ගෙන් ලේ ගත්තහම ඒවා ඒ විදිහට ම තියන්නෙ නැහැ. ලේ වල සංඝඨක වලට වෙන් කරල තමයි ගබඩා කරන්නෙ. ලේ වල තියන සංඝඨක තමයි
1. රතු රුධිරානු (red cells)
2. පට්ටිකා (platelets)
3. ප්ලස්මාව (plasma)
ලෙඩෙකුට මෙව්වා හැම එකක්ම ඕනෙ වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට ඩෙන්ගු රොගීන්ට දෙන්නෙ පට්ටිකා (platelets) විතරයි.
ඇයි ඉතින් රෝහල පිටතින් ගේන ලේ බාර ගන්න බැහැ කිව්වෙ. මොකද්ද ප්‍රශ්නෙ?
පිටතින් ගෙනාවනම් ගේන්න වෙන්නෙ අවශ්‍ය සංඝඨකය විතරයි. කලින් උදාහරණයම ගම්මු. ඩෙංගු රෝගියෙක් ඉන්නව පෞද්ගලික රෝහලක. එයාට ලේ ඕනෙ. පිටතින්, ඒ කියන්නෙ "ජාතික ලේ දීමේ සේවයෙන්" ඉල්ලීමක් කලොත් එයාල එවන්නෙ රෝගියට අවශ්‍ය පට්ටිකා (platelets) විතරයි.
ඉතින් රෝහලට තියන ප්‍රශ්නෙ මොකක්ද. ලොකුම ප්‍රශ්නෙ තමයි මසුරු කම.
අපි කවුරු හරි ලේ දෙනකොට අපි දෙන්නෙ රතු රුධිරානු, පට්ටිකා, ප්ලස්මාව කියන ඔක්කොම. රෝහල රෝගියට දෙන්නෙ මෙවයින් අවශ්‍ය සංඝඨකය විතරයි. අනික් එව්වා ඉතුරු කරගන්නවා. ඉතුරු කරගෙන වෙන කාට හරි විකුනනව.
ඔන්න ඔහොමයි අපේ ලේ විකිනෙන්නෙ.
එහෙම කරන්න පුලුවන්ද කියලා නීතිමය තත්වය කාට හරි පැහැදිලි කරන්න පුලුවන්නම් ඒකට අපෙන් ඉඩ.....!
රෝහල් එහෙම නොකරනවැයි කියල කියනවනම් ඒ ගැන කරුණු දක්වන්නත් මෙතන අපි ඉඩ දෙනව.
Thursday, January 6, 2011
කාන්තාවන්ට පමණයි!
මගේ මිතුරියකට ලඟදි මුහුන දෙන්න සිද්ද වෙච්ච දෙයක් නිසාම මේක ලියන්න හිතුනෙ.
ලඟදි එයා ගිහින් අලුත් ඇඳුමක් ගන්න.2010 2011 ත් ලැබුවනෙ ලඟදි. මෙයා තෝරල තොරල අරගෙන තියෙන්නෙ ටිකක් කර පලල ඇඳුමක්. ජනවාරි 1වෙනිදම බොහොම උජාරුවට මේකත් ඇඳගෙන බස් එකට නැගල වැඩට එන්න කියල. බස් එකේ වාඩිවෙන්න ආසනේකුත් හම්බ වෙලා. ටික වෙලාවකින් බස් එකට සෙනඟ පිරිල. මෙයා ලඟින් කොල්ලෙකුත් හිටගෙන ඉඳල. ටික වෙලාවකින් තමයි මෙයාට තෙරිලා තියෙන්නෙ කොල්ල උඩින් එයාගෙ පපුව දිහා බලා ඉන්න බව. කර පලළ ඇඳුමක් ගත්ත එකේ මෝඩකම කියල එයට හිතුන බවයි මටනම් එයා කිව්වෙ. ඒ කිව්ව විදිහට මගේ මිතුරිය හරිම අපහසුතාවයට පත් වෙලා මේ වැඩෙන්.
මම නම් ගත් කටටම කිව්වෙ අඳින්න බැරි අඳුම් ගත්තට හොඳ වැඩේ කියලා. ඒකට කෙල්ලට තවත් upset ගියා. මම එහෙම කිව්වෙ එයාව තව ටිකක් අවුස්සන්න හිතාගෙන. මට ඇත්තටම කියන්න ඕනෙ උනේ වෙනත් දෙයක්.
මේ දවස් වල ඇඳුම් ගැන රටේ ඇමති කෙනෙකුත් නොයෙක් කතා කියනව අහල ඇතිනෙ.
මටනම් මගේ හිතවත් කාන්තා පාර්ෂවයෙ අයට කියන්න තියෙන්නෙ මෙන්න මේ ටිකයි.
ඔයාලට කැමති අඳුම් ඔයාල අඳින්න. කවුරුවත් ඔයාල අඳින දේවල් පාලනය කරන්න එන එක මම නම් අනුමත කරන්නෙ නැහැ. ඔයාල ඇඳුම් තෝරනකොට ඒක කොට එකක්ද, slit එකක් තියනවද, කර පලළ එකක්ද, අත් නැති එකක්ද, trasnparent එකක්ද, මෙකී නොකී සියලු දේවල් බලලනෙ ගන්නෙ. Fit on කුටියෙදි මේවා ලස්සනයි තමයි. ඒත් ඔයාලට මෙවා හිතට අපහසුවක් නැතුව පාරෙ තොටේ අඳල යන්න පුලුවන් වෙයිද කියලත් ටිකක් හිතල බලන්න.
බටහිර රටවල ඉන්න ගෑනුන්ටනම් කැමති දෙයක් ඇඳල පාරෙ බැහැල යන්න පුලුවන්. එයාලට කවුරු බැලුවත් ගානක් නෑ. ඒ තමන්ගෙ සිරුර ප්‍රදර්ශනය වීම ගැන එයාලට බයක් නැති හින්දයි. ඒත් අපේ රටේ අය fashion කරන්න කැමති උනාට ඇඟ පේනවට බයයි. කවුරුත් බලයි කියලා නිතර තමුන්ගෙ ඇඳුම් හරිගස්සනව. එහෙනම් මගේ හිතවතියන්ට options දෙකක් තියනව තෝරගන්න.
1, තමන්ගෙ සිරුර ප්‍රදර්ශනයවීම ගැන ගනන් නොගෙන තමන්ට කැමති දෙයක් ඇඳීම.
2. එහෙම බැරි අය ඇඳුම් තෝරගන්නකොට තමුන් අපහසුතාවයට පත් නොවෙන ඇඳුම් තෝරගන්න එක
ඒ කොහොම ඇන්ඳත් එය තමුන්ගේ තෙරීමක් විය යුතුයි. ඇමති කෙනෙක් නියම කරන දෙයකට ඔයාල කොහොමටත් අකමැති බව අහන්නත් දෙයක්යැ.
ලඟදි එයා ගිහින් අලුත් ඇඳුමක් ගන්න.

Tuesday, January 4, 2011
සමහර දේවල්
සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ. ඒ බව දැන දැනත් සමහර දේවල් ගැන අපි බලාපොරොත්තු තියා ගෙන ඉන්නවා.
සමහර දේවල් අපි හිතේ හංගගෙන ඉන්නව. හිතේ තියාගෙන වද විඳිනවා.
සමහර දේවල් ගැන අපි හිත හදාගන්න බලනවා. ඒත් කවදාවත් හිත හදා ගන්න බෑ.
සමහර දේවල්වලට අපි ගොඩක් සංවේදීයි. එත් එක අපි ඒක පෙන්නනෙ නෑ.
සමහර දේවල් ගැන හිතනකොට දුකයි. එත් ඒ දුක තමයි සතුටත්.

Sunday, December 26, 2010
World කියල සිංහලෙන් ලියන්නෙ කොහොමද?
ඔන්න මම වැඩි දෙනෙක්ගෙ ඉලීම පරිදි භාෂාව වෙනස් කලා.
භාෂාව ගැන කතා කරනකොට අපි සිංහල කියල කතා කරන්නෙ ඉංග්‍රීසිත් එක්ක කලවම් කරපු අමුතු භාෂාවක්නෙ. අපි හැමෝම අඩු වැඩි වශයෙන් ඒ වරැද්ද කරනව...... කාටවත් ඒකෙන් ගැලවීමක් නැති පාටයි.
ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් ණයට ගත්ත වචන සිංහල භෂාවෙ මොනතරම් තියනවද. ඒත් මේ වච්න සිංහලෙන් ලියන්න ගියාපුවම තමයි දත කට පූට්‍ටු වෙන්නෙ.
ලඟදි මගෙන් ළමයෙක් අහනවා Zebra කියලා සිංහලෙන් ලියන්නෙ කොහොමද කියල. ඇත්තටම මේක "නිවැරදිව" ලියන්න ක්‍රමයක් මම නම් දන්නෙ නෑ.
යාන්තම් F තියන වචන ලියන්න "ෆ" අකුර තියනවා. ඒත් කාට හරි Ferguson කියල සිංහලෙන් ලියන්න ඔනෙනම් ආයෙත් අමාරුවෙ වැටෙනව. කාට හරි දැන් හිතෙන්න පුලුවන් "ෆර්ගසන්" කියල ලිව්වම ඉවරයිනෙ කියල. එත් හිතල බලනකොට ඒකෙ පොඩි වැරැද්දක් තියනව වගෙයි පේන්නෙ. මෙන්න තවත් උදාහරණ කීපයක්.
Turpentine ටර්පන්ටයින්
Sir සර්
Earl අර්ල්
World වර්ල්ඩ්
අපි මොකද දැන් මේකට කරන්නෙ?

Friday, December 24, 2010
මහ දවල් Robbery
පසුගිය දවසක මා කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම බස් නැවතුම්පොලින් 101 පිටකොටුව මොරටුව බසයකට නැග්ගේ බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසාවට යාමටය. මා බසයට ගොඩවනවාත් සමඟ තවත් ගැහැනු ළමුන් තිදෙනෙක් එයට ගොඩ උනෝය.
ඔවුන් කොන්දොස්තර "අයියාගෙන්" බම්බලපිටිය හන්දියට කීයක් ගන්නවාදැයි ඇසුවා මට මතකය. ඔවුන් කොන්දොස්තර "අයියාට" රුපියල් 30ක් දෙනවාද ම බලාගෙනය. කොන්දොස්තර "අයියා" ඔවුන්ට ඉතිරි කීයක්වත් නොදුන්න බවත් මා බලාගෙනය.
ඊලඟට මුදල් දීමට තිබුනේ මටය. මම රුපියල් 10යේ නෝට්‍ටුවක් දී "බම්බලපිටිය හන්දියට" ටිකට් එකක් ඉල්ලුවෙමි. කොන්දොස්තර "අයියාට" වගේවගක් නැත. ඔහු සල්ලි එකතු කරයි, ටිකට් නොබෙදයි. හරි, ප්‍රශ්නයක් නැත. ටිකට් නැතිනම් ඉතුරුවත් දිය යුතුය. නොදන්නා අයට දැන ගැනීමට...... කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ සිට බම්බලපිටිය හන්දියට රුපියල් 6කි. ඊට එහා යනවානම් රුපියල් 9කි.
කොන්දොස්තර "අයියා" මගෙන් අමු දවල් රුපියල් 4 කොල්ලකෑමට යයි. පුරුෂ ධෛර්යය ඉදිරියට දමා යමක් කල යුතුය.
අයියා, මෙතන ඉඳලා බම්බලපිටිය හන්දියට කීයද?
රුපියල් 9යි......!
ආ.... කවද ඉඳලද? බම්බලපිටිය හන්දියට රුපියල් 6යි. මගෙ ඉතුරු රුපියල් 4 දෙනවද?
කොන්දොස්තර "අයියා" කිසිවක් නොවූවා සේ මට රුපියල් 4ක් දික්කලේය.
බම්බලපිටිය හන්දියෙන් අර ගෑනු ළමයින් තිදෙනාද බැසගත්තෝය. ඔවුන්ගෙන් කොන්දොස්තර "අයියා" ලැබූ ලාභය රුපියල් 12කි.
මොරටුවට යනවිට තව කීයක්නම් හම්බ කරන්න ඇත්ද?
Friday, December 17, 2010
කෝ මේ Vwls
ඔබ කවදා හෝ පාසලේ දී ඉංග්‍රීසි අනුලේඛනය (Dictation) වරදවා තිබේද? මා නම් එසේ වරදවා ඇත. එහි අතුරු ඵලයක් ලෙස බැනුම් අසා හෝ ගුටි කා ඇත. ඒ බොහෝ කලකට පෙරය. දැන් කාලයේ පාසල්වල ඳඬුවම් දීම අඩුය. ඉංග්‍රීසි උගන්වනවාත් අඩුදයැයි පැහැදිලි සැකයක් පසුගිය කාලය තුල මට ඇති වූයේ මට ලැබුන කෙටි පණිවුඩ කීපයක් කියවීමෙන් පසුය. මේ ඉන් එකකි.
hi hw r u? sry I cldnt rply t u. hw s ur life? mine s borin, I thot of calin u @ end of da mnth be cldnt d tht. anywy i'l cal u ltr. tc.
මෙය එවූ තැනැත්තියගේ වයස අවුරුදු විස්සක් පමණය. ඇයට ස්වරාක්ෂර මග ඇරුනා විය යුතුය. අවුරුදු ගනනාවක් තොරතුරු තාක්ෂණය සමග එකට සිටීමෙන් ලැබූ පන්නරය නොතිබෙන්නට මා හට මෙම කෙටි පනිවුඩය තෝරාගනීමට ඇයටම දුරකථන ඇමතුමක් ලබා දීමට සිදුවීමට ඉඩකඩ නොතිබුනා නොවේ. මට මගේ ඉංග්‍රීසි ගුරුවරුන් සිහිවිය. මෙවැනි දෑ දැකීමට ඔවුන් දැන් වයස වැඩිය. එවන් වයසකදී හිත් කම්පා කරවන දේවල් දැකීම නුසුසුය.
කෙටි පනිවුඩවල මෙවැනි අකුරු හැලීම් ඉවසිය හැක. ඒ කෙටි පණිවුඩයක් අක්ෂර 160ට සීමාවන බැවිනි. නමුත් මෙය දැන් email වලටද බෝවී ඇත. පහත දැක්වෙන්නේ එවන් email පණිවුඩයක කොටසකි.
pls snd me ur cmnts ASAP.
මා සිතා සිටියේ මෙම රැල්ල තරුණ හා ගැටවර වියේ පසුවන්නන්ගේ නැඹුරුවක් ලෙසය. මා වැරදිය. මේ බලන්න.
කලින් Reebok දැන් Rbk ය.
Kentucky Fried Chicken දැන් KFC ය.
ලොකුම වරදකරුවා Motorola සමාගමය. පසුගිය සමයේ ඔවුන් නිපදවූ ජංගම දුරකථන කිහිපයක වෙලඳ නාම දෙස බැලූවිට තත්වයේ බරපතලකම වටහේ.
ROKR, SLVR, PEBL, RAZR, MOTOACTV, RIZR, KRZR
අපට එදිනෙදා දකින්නට ලැබෙන තවත් එවැනි වචනයක් ඇත. මෙයට නම් මාද පලමුව ඔල්මොරොන්දම් වී ගියේය. ඔබටත් එසේ වනවා දැයි බලන්න.
FCUK

Tuesday, December 14, 2010
මිනිසුන් වර්ග
අප හැමෝටම ජීවන දර්ශනයක් ඇත. මහ මග වෙසෙන සිඟන්නාගේ සිට ජනාධිපති තුමා දක්වා වෙනසක් නැතුවම මෙම ජීවන දර්ශනය ඇත. මෙය උපතින්ම අප අරන් එන්නක් නොවේ. අපගේ අත්දැකීම්, අධ්‍යාපනය සහ නොයෙකුත් දේ මෙම ජීවන දර්ශනය සකස් කිරීමග උපකාරී වෙයි.
මගේ ජීවන දර්ශනයට අනුව මිනිසුන් වර්ග 4 ක් වෙයි.
1. හමුවන විට සතුටක්ද සමු ගන්නා විට දුකක්ද ගෙනෙනා පුද්ගලයින්.
2. හමු වීම දුකක් හා වෙන් වීම සතුටක් ගෙනෙනා පුද්ගලයින්.
3. හමු වීමත් වෙන්වීමත් දුකක් ගෙනෙනා පුද්ගලයින්.
4. හමු වීමත් වෙන්වීමත් සතුටක් ගෙනෙනා පුද්ගලයින්.
පුදුමයනම්, හදවතට වැඩියෙන්ම සමීප 3 වන වර්ගයේ පුද්ගලයින් වීමය.

Saturday, December 4, 2010
Dee Jay
අද කන්තෝරුවේ නත්නල් සාදයයි. කලින් එයට සහභාගි වීමට සිතා හිටියත් හේතු කිහිපයක් නිසා එය වැලකී ගියේය. කන්තෝරුවේ හිතවතුන් කිහිපදෙනෙක් පෞද්ගලිකව පැමිණ මට සාදයට පැමිණෙන මෙන් කල ඉල්ලීමට පිටු පෑමට වීම කණගාටුවට කරුනකි. එක මිතුරෙකු මා තම රථයේ නංවාගෙන ඒමට පවා කැමැත්ත පලකලත් එසේ නොකලේ ඔවුන්ට මා ඇනයක් වේ යයි සිතුනු නිසාය.
සාදය ජයටම පැවැත්වුනු බව දැනට ආරන්චිය. මෙවන් අවස්ථා වලදී සංගීතය සැපයීමේ වගකීම පැවරෙන්නේ කන්තෝරුවේම හිතවතෙකුවන ඩී. ජේ. ලසී ටය. අද ඔහුට කාර්ය බහුල දවසක් වූ බව නො අනුමානය.
මෙවන් අවස්ථා වලට සංගීතය සැපයීමේදී මුහුනදෙන එක ගැටලුවක් වන්නේ අසන්නන්ගේ ඉල්ලීම් සැපයීමය. අසන්නන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ගියොත් එය ඩී.ජේ කිරීමක් නොවේය. එසේ නොකලොත් එය අසන්නන්ගේ දෝශදර්ශනයට ලක්වේ.
මෙවැනි අවස්ථා වලට සංගීතය සැපයීමේදී විවිධ වර්ගයේ පුද්ගලයන් හමුවේ. වරෙක මා සංගීතය සැපයූ සාදයකට පැමිණි මැදිවියේ පුද්ගලයෙකුගෙන් මා ගැලවුනේ මහත් වෑයමක් දරාය (මමත් හීනියට ඩී.ජේ කරනවාය ;-) ).
ඔහු මාවෙත පැමිණ ඔහුට ගීතයක් ගයන්න හැකිදැයි මගෙන් විමසීය. සාමාන්‍යයෙන් මා මයික්‍රෆෝනය අන් අය අතට පත්කරන්නට අකමැතිය. එයට මූලික හේතුව එක අයෙකුට දුන්විට තව කිහිප දෙනෙකුට මයික්‍රෆෝනය ඕනෑවන බැවිනි. මෙම අවස්ථාවෙදිනම් ඔහු පදමට වඩා වැඩියෙන් මදුවිත පානය කර තිබූ නිසා කොහොමටත් මගේ අකමැත්ත මට පැවසීමට සිදුවිය. එය එතනින් නිමාවට පත් නොවුනි.
"පුතා අද මම මෙතෙන්ට ආවෙ සින්දු කියන්න......"
"මාව මෙතෙන්ට ගෙන්නුවෙ සින්දු කියන්න..... මම දන්නෙ නෑ ඔය පුතා එනවා කියලා...!"
මගේ සහායක මගේ මුහුන බලයි. ඔහුට සිනා යන්න ඔන්න මෙන්නය.
"පුතා දන්නවද (.......) ගමට මම තමයි මුලින්ම සංගීත කන්ඩායමක් ගෙනාවෙ!"
"ආ.... ඇත්තද අන්කල්!"
"පුතාට කියන්න... මම අපේ ගමේ සංගීත කන්ඩායම් දෙකක් හැදුවා"
"මම (.......) තරඟෙටත් ඉන්ඳල තියනවා. පොඩි කොල්ලො කෙල්ලන්ට මාත් එක්ක හැරෙන්නවත් බැහැ"
ඔහුට පිටුපසින් ඔහුගේ නෑදෑයින් පිරිසක් ඔහුත් සමග වැඩිය භජනයට නොයන මෙන් මට හස්ථ මුද්‍රාවෙන් කියයි.
"පුතා ඕක ටිකක් නතර කරන්න"
මම ශබ්දය ටිකක් අඩු කෙරුවෙමි.
"පුතා, ඔයා අද මෙතෙන්ට එන්න ඕනෙ නෑ..... මට සින්දු කියන්න තිබුන, දන්නවනම් මගේ සංගීත කන්ඩායමක් මම ගේනවා.... අපරාදෙ"
මගේ සහායක මට ඇඟිල්ලෙන් අනියි.
මගේ කට කොනනට නොදැනුවත්වම සිනහවක් පැමිණියේය. වරද මගේය.
"පුතා, ඇයි මට සින්දු කියන්න බෑ කියල හිතුවද?"
"මට අලුත් ගායකයො කියන හැම සින්දුවක්ම කියන්න පුලුවන්"
"ඔන්න බලන්න පුතා........"
ඔහු චන්දන ලියනාරච්චි මහතාගේ කඩුපුල් මල ගීතය ගායනා කිරීමට පටන් ගනී.
ඇත්තය, ඔහුට ගායන හැකියාව ඇත. ඇනයක් වීමේ හැකියාව ඕනෙවටත් වැඩියෙන් ඇත.
"කොහොමද පුතා"
"ශා... අංකල් මරුනෙ"
මගේ සහායක බිම බලා ගනියි.
"දැන් ඉන්න කොල්ලන්ට ඒ වගේ සින්දු කියන්න පුලුවන්ද....."
"ඔන්න බලන්න පුතා...."
ඔහු කලින් ගීතයම ස්වර වලින් ගායනා කරයි. එසේ ස්වර වලින් ගායනා කිරීම ඉතා අපහසු කටයුත්තකි. එසේ කල හැක්කේ සංගීතය සෑහෙන දුරට හැදෑරූ අයට පමණකි.
මේ වන විට ඔහුගේ ඥාතීන් කිහිප දෙනෙක් පැමිණ ඔහුව අප කෙරෙන් ඉවත් කරගෙන ගියෝය.
මමත් සහායකත් අපගේ ඩී.ජේ උපකරණත් තනි කර දමා ඉවතට ගියේ හිතේ හැටියට හිනා වීමටය.

Tuesday, November 30, 2010
ඕයි, කොන්ට්‍රෝලර්
අද සවසත් දුම්රිය ප්‍රමාදය. එවන් විට අප කරන්නේ දුම්රිය රියදුරු ඇතුලු මුලු දුම්රිය දෙපර්තමේන්තුවටම දෙහි කැපීමය. මා දිනපතා ගමන් ගන්නා කි.මී 80 දුර ප්‍රමානය ගමන් කිරීමට සීඝ්‍රගාමී දුම්රියකටත් සමහර විට හෝරා දෙකක් පමණ ගතවේ.මා මෙම කාරනය මා රැකියාවේ නියුතු ආයතනයේ පිටරැටියෙකුට කිවුවිට ඔහු මහත් පුදුමයට පත් විය.
උදය කාලයේ දුම්රිය ප්‍රමාදය බෙහෙවින් අහිතකරය. හැමෝම වෙලාවට රැකියාවට යාමට කැමැත්තෝය. මෙම සිද්ධිය මීට ටික කලකට පෙර උදය කාලයේ දුම්රිය ප්‍රමාද වූ දවසක සිදුවූවකි.
කොටුව දුම්රිය පොළට පේන මානයේ සංඥා කුළුනු කිහිපයක් ඇත. එදින දුම්රිය කිහිපයක් මෙම ස්ථානයේ නැවතී තිබින. සමහර මගීන් දුම්රියෙන් බැස පයින්ම ගමන්ගත්තේ ප්‍රමාදවීමට ඇති අකමැත්ත නිසාමය. අප එසේ නොකිරීමට හෙතුවවූයේ එම වේලාවට පතිතවන කන පැලෙන ඉර අව්ව නිසාය. දාඩිය පෙරාගෙන කාර්යාලයට යාම මහත්වූ අප්‍රසන්න අත්දැකීමකි.
මෙම සංඥා කුළුනු වල දුරකථනයක් සවි කර ඇත. මෙමගින් දුම්රිය පාලකට ඍජු ඇමතීමක් ගත හැකිය. හොඳට ඇඳපැළඳගත් වැදගත් පෙනුම ඇති මැදිවියේ මහතෙකු දුම්රියෙන් බැස සංඥා කුළුන වෙත ගොස් එහිවූ දුරකථනය අතට ගත්තේය.
ඕයි, කොන්ට්‍රෝලර් හු...... මේ කෝච්චි යවන්නෙ නැතුව අ.....ට .........ද? ඉතිරි වචන මෙහි සඳහන් කිරීම උගහටය. :-D

සංගීත අච්චාරුව
මෙය ලිවීමට සිතුනේ අද කන්තෝරුවේ සිදුවූ සුලු සිදුවීමකි.
මා මිතුරෙක් ඔහුට ගීත අන්ත්ර්ජාලයෙන් නොමිලයේ බාගත කල හැකි අඩ්වියක් සොයා දෙනමෙන් ඉල්ලීමක් කලේය. එවන් අඩවි ඉතා අල්ප බැවින් මට කල හැකි උදව්ව මම ස්කයිප් හරහා යැව්වෙමි.
එය මගේ මාතෘකාවට අදාල නැත.
ඔහු උග්‍ර හිප්-හොප් ලෝලියෙකි. අසන තරමක් අසන්නේ ඒවාය. මගේ තවත් මිතුරෙක් අසන්නේ සිංහල සම්භාව්‍ය සංගීතය පමණකි. තවත් මිතුරෙක් අසන්නේ "මල්" සින්දු පමණය. සමහර මිතුරියන්ට හින්දි චිත්‍රපට ගීතවලට වඩා දෙයක් නැත. ඊටත් එහාට ගිය සමහරු අසන්නේ තෝරාගත් ගායකයන් කිහිප දෙනෙකුගේ ගීත පමණකි. මෙතනින්ද නොනැවතී සමහරු තමන්ගේ සංගීතය උසස් බව පෙන්වීමට නොයෙක් තර්ක ගෙනෙති.
තමන්ට කැමති සංගීත ආරක් රස විඳීම තමන්ගේ අයිතියකි. එහෙත් ඔනෑම දෙයක් තුල කොටු වීම තම නිදහස අවුරා ගැනීමකි. යමක් හොඳයයිද තවෙකක් නරකයැයිද තීරනය සාපේක්ශය. සංගීතය එවැනි දෙයක් ද?
මෙන්න තවත් උදාහරණ.
සමහර මිතුරන් සංගීතය අසන්නේම නැත. පිටරට වෙසෙන මගේ මිතුරියක් අසන්නේ ඩෙත් මෙට්ල් (Death Metal) සංගීතය පමණකි. ඇයට හිප්-හොප් අජූවය. ඩෙත් මෙට්ල් නම් අප කාටත් අජූවය.
Subscribe to:
Posts (Atom)