Saturday, February 19, 2011

ඇන්ජලීන්


ටික කාලෙකින් තමයි ලියන්නෙ. ලියනව කිව්වට නිමිත්තක් තියෙන්නත් ඕනැනෙ. ඔය කියන නිමිත්ත පහළවුනේ මගේ හිතවත් තිවංක ලියපු ගුණදාස කපුගේ නම් වූ සොඳුරු මිනිසා නම් වූ ලිපිය කියවීමෙන් පසුවයි.

ලංකාවේ ගායකයින් අතරින් සුපැහැදිලි ව ස්වර වල පිහිටා ගායනා කල හැක්කේ කීදෙනෙකුටද. ඒ අතලොස්ස අතරින් ඇන්ජලීන් ගුණතිලක ඉදිරියෙන්ම ඉන්නා ගායිකාවකි.

ඇය ගායනය කරන විට හැම විටම නිවැරදි සෘතියේ පිහිටයි, කිසි විටෙක ඉන් පිට නොපනියි. ස්වර ඉතා සුපැහැදිලි ලෙස ගායනා කරයි. බොහෝ විට ලංකාවේ ගායකයින් අනාගන්නේ improvise කරන්නට යාමෙනි. Imrovisation යනු ගායකයාගේ හැකියාව පෙන්නුම් කරන අකාරයකි. තනුව අනුවම ගායනා නොකර ගායකයා තමාගේම යමක් තනුවට එකතු කිරීම improvisation ලෙස හැදින්වීමට හැකිය.  හරියට කලොත් මෙය ඉතා මිහිරි අත්දැකීමකි. improvise කිරීම තිතටම කරන ගායිකාවකි ඇන්ජලීන් ගුණතිලක. ඇය කිසිම විටක improvise කිරීමට ගොස් ඇනගන්නවා මම නම් අසා නැත. ඇය එතරම් ස්ථිර ලෙස ස්වර වල පිහිටා ගායනා කරයි.

අන්ජලීන් ගුණතිලක ගායිකාවගේ මා දකිනා අනික් ගුණයනම් ඇයගේ ඉතා හැඟුම්බර ගායනයි. ලංකාවේ ගායකයින් වැඩි දෙනා පද කියවනවා මිස එයට හැඟීම් එකතු නොකරයි.

වැඩි දුර ගුණගැයීමට අවශ්‍ය නැත. පුංචි පුතා ගීතය ඇන්ජලීන් ගායනා කරන ඉහත ගුණාංග සියලු දේ ගැබ්වී ඇති ගීයකි. මෙය ශ්‍රවනය කර ඇසට කඳුලක් උපන්නේනම් මා කියන දේ ඔබටත් වැටහේවි.

(සැලකිය යුතුයි. මෙම ගීය ඇය ගායනා කරන්නේ ස්න්ෆ්ලවර් සමගිනි. නමුත් ඇය කිසිම විටෙක එය නිර්මානයේ ගුණය පහත හෙලීමට අතකොලුවක් කර නොගනියි. )

No comments:

Post a Comment