Thursday, January 6, 2011

කාන්තාවන්ට පමණයි!

මගේ මිතුරියකට ලඟදි මුහුන දෙන්න සිද්ද වෙච්ච දෙයක් නිසාම මේක ලියන්න හිතුනෙ.

ලඟදි එයා ගිහින් අලුත් ඇඳුමක් ගන්න. 2010  2011 ත් ලැබුවනෙ ලඟදි. මෙයා ‍තෝරල තොරල අරගෙන තියෙන්නෙ ටිකක් කර පලල ඇඳුමක්. ජනවාරි 1වෙනිදම බොහොම උජාරුවට මේකත් ඇඳගෙන බස් එකට නැගල වැඩට එන්න කියල. බස් එකේ වාඩිවෙන්න ආසනේකුත් හම්බ වෙලා. ටික වෙලාවකින් බස් එකට සෙනඟ පිරිල. මෙයා ලඟින් කොල්ලෙකුත් හිටගෙන ඉඳල. ටික වෙලාවකින් තමයි මෙයාට තෙරිලා තියෙන්නෙ කොල්ල උඩින් එයාගෙ පපුව දිහා බලා ඉන්න බව. කර පලළ ඇඳුමක් ගත්ත එකේ මෝඩකම කියල එයට හිතුන බවයි මටනම් එයා කිව්වෙ. ඒ කිව්ව විදිහට මගේ මිතුරිය හරිම අපහසුතාවයට පත් වෙලා මේ වැඩෙන්.

මම නම් ගත් කටටම කිව්වෙ අඳින්න බැරි අඳුම් ගත්තට හොඳ වැඩේ කියලා. ඒකට කෙල්ලට තවත් upset ගියා. මම එහෙම කිව්වෙ එයාව තව ටිකක් අවුස්සන්න හිතාගෙන. මට ඇත්තටම කියන්න ඕනෙ උනේ වෙනත් දෙයක්.

මේ දවස් වල ඇඳුම් ගැන රටේ ඇමති කෙනෙකුත් නොයෙක් කතා කියනව අහල ඇතිනෙ.

මටනම් මගේ හිතවත් කාන්තා පාර්ෂවයෙ අයට කියන්න තියෙන්නෙ මෙන්න මේ ටිකයි.

ඔයාලට කැමති අඳුම් ඔයාල අඳින්න. කවුරුවත් ඔයාල අඳින දේවල් පාලනය කරන්න එන එක මම නම් අනුමත කරන්නෙ නැහැ. ඔයාල ඇඳුම් ‍තෝරනකොට ඒක කොට එකක්ද, slit එකක් තියනවද, කර පලළ එකක්ද, අත් නැති එකක්ද, trasnparent එකක්ද, මෙකී නොකී සියලු දේවල් බලලනෙ ගන්නෙ. Fit on කුටියෙදි මේවා ලස්සනයි තමයි. ඒත් ඔයාලට මෙවා හිතට අපහසුවක් නැතුව පාරෙ තොටේ අඳල යන්න පුලුවන් වෙයිද කියලත් ටිකක් හිතල බලන්න.

බටහිර රටවල ඉන්න ගෑනුන්ටනම් කැමති දෙයක් ඇඳල පාරෙ බැහැල යන්න පුලුවන්. එයාලට කවුරු බැලුවත් ගානක් නෑ. ඒ තමන්ගෙ සිරුර ප්‍රදර්ශනය වීම ගැන එයාලට බයක් නැති හින්දයි. ඒත් අපේ රටේ අය fashion කරන්න කැමති උනාට ඇඟ පේනවට බයයි. කවුරුත් බලයි කියලා නිතර තමුන්ගෙ ඇඳුම් හරිගස්සනව. එහෙනම් මගේ හිතවතියන්ට options දෙකක් තියනව ‍තෝරගන්න.
1, තමන්ගෙ සිරුර ප්‍රදර්ශනයවීම ගැන ගනන් නොගෙන තමන්ට කැමති දෙයක් ඇඳීම.
2. එහෙම බැරි අය ඇඳුම් ‍තෝරගන්නකොට තමුන් අපහසුතාවයට පත් නොවෙන ඇඳුම් ‍තෝරගන්න එක

ඒ කොහොම ඇන්ඳත් එය තමුන්ගේ තෙරීමක් විය යුතුයි. ඇමති කෙනෙක් නියම කරන දෙයකට ඔයාල කොහොමටත් අකමැති බව අහන්නත් දෙයක්යැ.

4 comments:

  1. අයියා මේක හැමදමත් කියන කතාව නේද, මේක කියවන අපේ කට්ටියට හිතට ගන්න හොද කතාවක්

    ReplyDelete
  2. ගන්න දෙයක් තියනවනම් කවුරු ගත්තත් කමක් නෑ :))

    ReplyDelete
  3. උඔට 2010 ලැබුවෙ ලඟදිද ?

    ReplyDelete
  4. සමාවෙන්න ඕනෙ වැ‍රැද්දට. සෝදුපත් කියවීමේ පොඩි අවුලක්. :)
    ඔන්න මම ඒක නිවැරදි කලා.
    වැරද්ද පෙන්නල දුන්නට බොහොම ස්තූතියි!

    ReplyDelete