Sunday, January 16, 2011

මගේ ලේ විකිනෙන හැටි


දැක්කම ටිකක් හිත ගැස්සෙන subject එකක තමයි මේක. ඒත් මේක මටම සිද්ද වෙච්ච නිසා නොලියත් බෑ.

පසුගිය දවසක මගේ ලඟම යාලුවෙක්ගෙ අම්ම කෙනෙකුට හදිසියේ  හදවත් by pass සැත්කමක් කරන්න සිද්ද උනා. මේක කලේ IT වලට ලොකු සම්බන්ධයක් තියෙන කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක. මේවගෙ අය කිරීම් සම්බන්ධයෙන් වෙනම ලිපියක් ලියන්න ඕනෙ. ඒක නිසා ඒ ගැන ලියන්නෙ නෑ.

සැත්කමට රුධිරය පයිට් 4 ක් ඕනෙ කරල තිබුනා. මේ ගැන මගේ මිත්‍රයා මට කිව්වෙ ඒ ගැන යමක් කරන්න මට පුලුවන් කියල තිබුන විස්වාසය නිසයි. ඇත්තටම පයිට් 4ක් කියන්නෙ 4 දෙනෙකුගෙ රුධිරය. ඒත් හදිස්සියෙ රුධිරය ඔනෙ උන නිසා මම ජාතික ලේ දීමේ සේවයේ (නාරාහෙන්පිට) වැඩ කරන මගෙ ලඟම මිතුරියකට කතා කලේ උදව්වක් ගන්න හිතාගෙන.

මගේ මිතුරිය නම් මට කිව්වෙ ඉස්සෙල්ම රෝහලෙන් පිටතින් ගෙනෙන ලේ බාර ගන්නවද කියල අහන්න කියලයි. රෝහලින් මේක ගැන ඇහුවම කිව්වෙ පිටතින් ගේන ලේ "ජාතික ලේ දීමේ සේවයේ" උනත් බාර ගන්නේ නැහැ කියලයි.

කමක් නෑ, වැඩේනෙ වෙන්න ඕනෙ කියලා කොල්ලො 7 දෙනෙක් එක්කරගෙන ගිහින් ලේ පයින්ට් 4 ක් දීලා ආවා.

ඒත් ඇත්ත තේරුනේ පස්සෙ.

ඇයි පිටතින් ගෙනෙන ලේ රෝහල බාර ගන්න බැහැ කිව්වෙ.

මම වෛද්‍යවරයෙක් නෙවෙයි. ඒක නිසා මේක කියවන වෛද්‍යවරයෙක් ඉන්නවනම් හැමෝට දැනුවත් වෙන්න අපිට ලියන්න.

කෙනෙක්ගෙන් ලේ ගත්තහම ඒවා ඒ විදිහට ම තියන්නෙ නැහැ. ලේ වල සංඝඨක වලට වෙන් කරල තමයි ගබඩා කරන්නෙ. ලේ වල තියන සංඝඨක තමයි
1. රතු රුධිරානු (red cells)
2. පට්ටිකා (platelets)
3. ප්ලස්මාව (plasma)

ලෙඩෙකුට මෙව්වා හැම එකක්ම ඕනෙ වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට ඩෙන්ගු රොගීන්ට දෙන්නෙ පට්ටිකා (platelets) විතරයි.

ඇයි ඉතින් රෝහල පිටතින් ගේන ලේ බාර ගන්න බැහැ කිව්වෙ. මොකද්ද ප්‍රශ්නෙ?

පිටතින් ගෙනාවනම් ගේන්න වෙන්නෙ අවශ්‍ය සංඝඨකය විතරයි. කලින් උදාහරණයම ගම්මු. ඩෙංගු රෝගියෙක් ඉන්නව පෞද්ගලික රෝහලක. එයාට ලේ ඕනෙ. පිටතින්, ඒ කියන්නෙ "ජාතික ලේ දීමේ සේවයෙන්" ඉල්ලීමක් කලොත් එයාල එවන්නෙ රෝගියට අවශ්‍ය පට්ටිකා (platelets) විතරයි.

ඉතින් රෝහලට තියන ප්‍රශ්නෙ මොකක්ද. ලොකුම ප්‍රශ්නෙ තමයි මසුරු කම.

අපි කවුරු හරි ලේ දෙනකොට අපි දෙන්නෙ රතු රුධිරානු, පට්ටිකා, ප්ලස්මාව කියන ඔක්කොම. රෝහල රෝගියට දෙන්නෙ මෙවයින් අවශ්‍ය සංඝඨකය විතරයි. අනික් එව්වා ඉතුරු කරගන්නවා. ඉතුරු කරගෙන වෙන කාට හරි විකුනනව.

ඔන්න ඔහොමයි අපේ ලේ විකිනෙන්නෙ.

එහෙම කරන්න පුලුවන්ද කියලා නීතිමය තත්වය කාට හරි පැහැදිලි කරන්න පුලුවන්නම් ඒකට අපෙන් ඉඩ.....!

රෝහල් එහෙම නොකරනවැයි කියල කියනවනම් ඒ ගැන කරුණු දක්වන්නත් මෙතන අපි ඉඩ දෙනව.

3 comments:

  1. අනේ අපොයි ලේ වලටත් ගිය කලක්....

    ReplyDelete
  2. අපිට බැරිද කියන්න, උවමනා සංඝටකය විතරක් ගන්න කියල...
    නැත්තම් ඔක්කොම ඕන නම් සල්ලි දෙන්න කියල....

    ReplyDelete
  3. Platelets විතරක් දෙන්න පුලුවන්. Platelet ටික වෙන්කරගෙන ඒ වෙලාවෙම අයින් කරපු ලේ ටික අපේ ඇඟට ඇතුල් කරනවා.

    සල්ලි ගන්න පුලුවන්ද කියල ඒ රෝහලක ඉන්න කවුරු හරි මෙතන ලිව්වොත් තමයි වටින්නෙ. :)

    ReplyDelete