Friday, December 24, 2010

මහ දවල් Robbery


පසුගිය දවසක මා කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම බස් නැවතුම්පොලින් 101 පිටකො‍ටුව මොර‍ටුව බසයකට නැග්ගේ බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසාවට යාමටය. මා බසයට ගොඩවනවාත් සමඟ තවත් ගැහැනු ළමුන් තිදෙනෙක් එයට ගොඩ උනෝය.

ඔවුන් කොන්දොස්තර "අයියාගෙන්" බම්බලපිටිය හන්දියට කීයක් ගන්නවාදැයි ඇසුවා මට මතකය. ඔවුන් කොන්දොස්තර "අයියාට" රුපියල් 30ක් දෙනවාද ම බලාගෙනය. කොන්දොස්තර "අයියා" ඔවුන්ට ඉතිරි කීයක්වත් නොදුන්න බවත් මා බලාගෙනය.

ඊලඟට මුදල් දීමට තිබුනේ මටය. මම රුපියල් 10යේ නෝට්‍ටුවක් දී "බම්බලපිටිය හන්දියට" ටිකට් එකක් ඉල්ලුවෙමි. කොන්දොස්තර "අයියාට" වගේවගක් නැත. ඔහු සල්ලි එකතු කරයි, ටිකට් නොබෙදයි. හරි, ප්‍රශ්නයක් නැත. ටිකට් නැතිනම් ඉතුරුවත් දිය යුතුය. නොදන්නා අයට දැන ගැනීමට...... කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ සිට බම්බලපිටිය හන්දියට රුපියල් 6කි. ඊට එහා යනවානම් රුපියල් 9කි.

 කොන්දොස්තර "අයියා" මගෙන් අමු දවල් රුපියල් 4 කොල්ලකෑමට යයි. පුරුෂ ධෛර්යය ඉදිරියට දමා යමක් කල යුතුය.

අයියා, මෙතන ඉඳලා බම්බලපිටිය හන්දියට කීයද?

රුපියල් 9යි......!

ආ.... කවද ඉඳලද? බම්බලපිටිය හන්දියට රුපියල් 6යි. මගෙ ඉතුරු රුපියල් 4 දෙනවද?

කොන්දොස්තර "අයියා" කිසිවක් නොවූවා සේ මට රුපියල් 4ක් දික්කලේය.

බම්බලපිටිය හන්දියෙන් අර ගෑනු ළමයින් තිදෙනාද බැසගත්තෝය. ඔවුන්ගෙන් කොන්දොස්තර "අයියා" ලැබූ ලාභය රුපියල් 12කි.

මොර‍ටුවට යනවිට තව කීයක්නම් හම්බ කරන්න ඇත්ද?

4 comments:

  1. ඒකනම් ඈත්ත.කවදාවත් ඉතුරුනම් හම්බවෙන්නෙ නෑ.එක්කො මාරු සල්ලි නෑ කියනවා.

    ReplyDelete
  2. ඉතුරු ‍නොදෙන වෙලාවට ‍සමහර අය නොඉල්ලන නිසා මේ වැඩේ වෙනවා වැඩී. රුපියලක් දෙකක් ඉතුරු ඉල්ලන්න ලැජ්ජාවනේ මුන්ට!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අනේ මෙහෙමත් හොරු,
    ඉතුරු සල්ලි ඉල්ලුවම මුන් අපෙන් තව කියක් හරි ඉල්ලනවා.
    ඒක දුන්නේ නැත්නම් ඉතුරු කොහොමත් හම්බෙන්නේ නැ.
    රුපියල දෙක හරි ඉල්ලගන්න ඕනේ.
    මුන්ට ගිය රට.
    මුන්ගේ gas බලන්නත් එපැනේ bus එකට නැග්ගම.
    නිකම් මුන් අපිව bus එකේ නිකන් එක්කන් යනවා වගේ.

    ReplyDelete