Tuesday, November 30, 2010

ඕයි, කොන්ට්‍රෝලර්

අද සවසත් දුම්රිය ප්‍රමාදය. එවන් විට අප කරන්නේ දුම්රිය රියදුරු ඇතුලු මුලු දුම්රිය දෙපර්තමේන්තුවටම දෙහි කැපීමය. මා දිනපතා ගමන් ගන්නා කි.මී 80 දුර ප්‍රමානය ගමන් කිරීමට සීඝ්‍රගාමී දුම්රියකටත් සමහර විට හෝරා දෙකක් පමණ ගතවේ.මා මෙම කාරනය මා ‍රැකියාවේ නියුතු ආයතනයේ පිට‍රැටියෙකුට කිවුවිට ඔහු මහත් පුදුමයට පත් විය.

උදය කාලයේ දුම්රිය ප්‍රමාදය බෙහෙවින් අහිතකරය. හැමෝම වෙලාවට ‍රැකියාවට යාමට කැමැත්තෝය. මෙම සිද්ධිය මීට ටික කලකට පෙර උදය කාලයේ දුම්රිය ප්‍රමාද වූ දවසක සිදුවූවකි.

කො‍ටුව දුම්රිය පොළට පේන මානයේ සංඥා කුළුනු කිහිපයක් ඇත. එදින දුම්රිය කිහිපයක් මෙම ස්ථානයේ නැවතී තිබින. සමහර මගීන් දුම්රියෙන් බැස පයින්ම ගමන්ගත්තේ ප්‍රමාදවීමට ඇති අකමැත්ත නිසාමය. අප එසේ නොකිරීමට හෙතුවවූයේ එම වේලාවට පතිතවන කන පැලෙන ඉර අව්ව නිසාය. දාඩිය පෙරාගෙන කාර්යාලයට යාම මහත්වූ අප්‍රසන්න අත්දැකීමකි.

මෙම සංඥා කුළුනු වල දුරකථනයක් සවි කර ඇත. මෙමගින් දුම්රිය පාලකට ඍජු ඇමතීමක් ගත හැකිය. හොඳට ඇඳපැළඳගත් වැදගත් පෙනුම ඇති මැදිවියේ මහතෙකු දුම්රියෙන් බැස සංඥා කුළුන වෙත ගොස් එහිවූ දුරකථනය අතට ගත්තේය.

ඕයි, කොන්ට්‍රෝලර් හු...... මේ කෝච්චි යවන්නෙ නැතුව අ.....ට  .........ද? ඉතිරි වචන මෙහි සඳහන් කිරීම උගහටය. :-D

3 comments:

  1. ශ්‍රි ලංකවේ මිනිසුන් අතර දක්නට හැකි ඉතාම පහත් ගතිය මෙමගින්ද පෙන්නුම් කර තිබේ..

    ඔබ දුම් රියේ දිනපතා යන මගියකු ගෙන් දුම් රිය සෙවය ගැන විමසීමක් කර බලන්න.... "අපෝ වැඩක් නෑ වෙලාවට එන්නෙ නෑ.... "

    නමුත් සත්‍ය මෙයට වඩා හාත් පසින්ම වෙනස් ය...

    දුම් රිය 90% දිනවලට වේලාවට ධාවනය වේ... ඉඳහිට මෙවැනි සිදුවීම් විය හැක...
    අප අගය කල යුත්තේ නොයෙකුත් බාධක මැද, 90% දින වලදී දුම් රිය වේලාවට ධාවනය කිරීම පිළිබඳවය...

    අප අපේ දේ අගය කිරීම කලයුතුය... එදාට වඩාත් සුන්දර ලංකවක් අපට හිමිවනු ඇත...

    ReplyDelete