Tuesday, March 29, 2011
F...k SL Railways!
Fuck all of those who were responsible for yesterdays strike and made me and many thousands sweat in the bloody buses.
Fuck them all who had the idea to strike on a day when a cricket world cup semis were held.
Fuck you all who stole my and many others time!
ඔබත් මේ අපහසුතාවයට පත්වූවා නම් ඔබේ කෝපය මෙහි මුදා හරින්න.
Thursday, March 17, 2011
Monday, March 14, 2011
Sunday, March 13, 2011
Saturday, February 19, 2011
ඇන්ජලීන්
ටික කාලෙකින් තමයි ලියන්නෙ. ලියනව කිව්වට නිමිත්තක් තියෙන්නත් ඕනැනෙ. ඔය කියන නිමිත්ත පහළවුනේ මගේ හිතවත් තිවංක ලියපු ගුණදාස කපුගේ නම් වූ සොඳුරු මිනිසා නම් වූ ලිපිය කියවීමෙන් පසුවයි.
ලංකාවේ ගායකයින් අතරින් සුපැහැදිලි ව ස්වර වල පිහිටා ගායනා කල හැක්කේ කීදෙනෙකුටද. ඒ අතලොස්ස අතරින් ඇන්ජලීන් ගුණතිලක ඉදිරියෙන්ම ඉන්නා ගායිකාවකි.
ඇය ගායනය කරන විට හැම විටම නිවැරදි සෘතියේ පිහිටයි, කිසි විටෙක ඉන් පිට නොපනියි. ස්වර ඉතා සුපැහැදිලි ලෙස ගායනා කරයි. බොහෝ විට ලංකාවේ ගායකයින් අනාගන්නේ improvise කරන්නට යාමෙනි. Imrovisation යනු ගායකයාගේ හැකියාව පෙන්නුම් කරන අකාරයකි. තනුව අනුවම ගායනා නොකර ගායකයා තමාගේම යමක් තනුවට එකතු කිරීම improvisation ලෙස හැදින්වීමට හැකිය. හරියට කලොත් මෙය ඉතා මිහිරි අත්දැකීමකි. improvise කිරීම තිතටම කරන ගායිකාවකි ඇන්ජලීන් ගුණතිලක. ඇය කිසිම විටක improvise කිරීමට ගොස් ඇනගන්නවා මම නම් අසා නැත. ඇය එතරම් ස්ථිර ලෙස ස්වර වල පිහිටා ගායනා කරයි.
අන්ජලීන් ගුණතිලක ගායිකාවගේ මා දකිනා අනික් ගුණයනම් ඇයගේ ඉතා හැඟුම්බර ගායනයි. ලංකාවේ ගායකයින් වැඩි දෙනා පද කියවනවා මිස එයට හැඟීම් එකතු නොකරයි.
වැඩි දුර ගුණගැයීමට අවශ්‍ය නැත. පුංචි පුතා ගීතය ඇන්ජලීන් ගායනා කරන ඉහත ගුණාංග සියලු දේ ගැබ්වී ඇති ගීයකි. මෙය ශ්‍රවනය කර ඇසට කඳුලක් උපන්නේනම් මා කියන දේ ඔබටත් වැටහේවි.
(සැලකිය යුතුයි. මෙම ගීය ඇය ගායනා කරන්නේ ස්න්ෆ්ලවර් සමගිනි. නමුත් ඇය කිසිම විටෙක එය නිර්මානයේ ගුණය පහත හෙලීමට අතකොලුවක් කර නොගනියි. )
Saturday, February 5, 2011
එයාලගෙ විප්ලවය.
මේක මට ලියන්න හිතුනෙ නදී ලියල තිබුන ලිපියක් කියවපුවමයි.
88 - 89 කාලෙ හරි පුදුම කාලයනෙ. ඒක තේරෙන්නෙ දැන්. ඒ දවස් වල තිබුන බරපතල කම අපිට තේරුනේ තවත් අචුරුදු ගානකට පස්සෙ කිව්වොත් හරි. ඔය කාලෙ ගැන බොහොම අය බොහොම දේවල් ලියල තියනවනෙ. ඔය කාලෙ ගැන ගොඩක් අයට කියන්න තරම් හොඳක් නැති තරම්. ඒත් ඉතින් මතක් කරල හිනාවෙන්න පුලුවන් දේවලුත් සිද්ද නොවුනෙත් නැහැ.
ඒ කාලෙ අපි ඉස්කෝලෙ ගියේ ඉගෙන ගන්න බලාගෙන නෙවෙයි. ගෙදරින් එලියට බැහැල යන්න දුන්න එකත් පුදුමයි දැන්නම්. ඉස්කෝලෙ පටන් ගන්න සීනුනව වෙනුවට පත්තුවෙන්නෙ රතිඤ්ඤ. ඒකත් පත්තු වෙන්නෙ විදුහල්පති තුමාගෙ කාර්යාලය යට (එහෙම වෙන්නෙ කොහොමද කියල කියන්න වෙනම කතාවක් ලියන්න වෙනවා). ගුරුවරු පන්ති වලට එන්නෙ නැහැ. කොල්ලො ටික ඔක්කොම එලියට බහින්වා... උද්ඝෝශන කරන්න.
ටික දෙනෙක් පන්තියට වෙලා ඉන්නවා. කවුරු හරි හිතනවනම් ඒ බයකට කියලා ඒක එහෙම නෙවෙයි. රටේ සිද්දවෙන දේවල් ගැන මම ඒ දවස් වල හිටීයෙ කැමැත්තකින් නෙවෙයි. කවුරු කවුරුත් දේශ ප්‍රේමයයි, ජාතික ආරක්ෂාවයි ඉස්සරහට දමාගෙන කලේ වැරදි වැඩනෙ.
ඔන්න කට්ටිය ඔක්කොම ප්‍රධාන ගේට්‍ටුව ගාව රැස් වෙලා උද්ඝෝශනය. කට්ටිය J.R. (මේක 88 කතාවක්) මහත්තයගෙ පඹයෙකුත් හදාගෙන. සංවිධානය කරපු අයියලගෙ කතාව වෙනද වගේ ඉස්කෝලෙ ඇතුලට සීමා නොවී කට්ටිය පාරට බහින්න. අල්ලපු වැටේ තියෙන්නෙ "බාලිකාව". දැන් සැලැස්ම බාලිකාවට ගිහින් එහෙ ඉන්න ගෑනු ලමයි ටිකත් පාරට බස්සන්න. ඊට පස්සෙ ටවුමෙ එහා කෙලවරේ තිබුන පිරිමි පාසලට පෙලපාලියෙ ගිහින් එහෙ ඉන්න කොල්ලොත් උද්ඝෝශනයට එක්කර ගන්න. ඊට පස්සෙ ඒ කෙලවරේම තිබුන convent එකේ ළමයිනුත් එලියට ගන්න තමයි කට්ටියගෙම හිත.
බොහොම අයට උද්ඝෝශනයට වඩා ගැහැනු ඉස්කෝල වලට යන එකේ තමයි ආතල් එක තිබුනෙ.
අපි කීප දෙනෙක් විතරක් පංතිවල. අයියල කීප දෙනෙක් ඇවිත් තග දලා අපිව පංතිවලින් එලියට පැන්නුවා. දැන් ඉතින් මොනව කරන්නද. common sense කියන දේ අබ ඇටයක් තරම්වත් තියෙන ඕනෙ කෙනෙකුට තේරෙනව විප්ලව කරන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනෙ කියල. එක්කො පොලිසියෙන් ගුටි නැත්නම් වෙඩි. එහෙම හිතාගෙන සෙනග අයිනට වෙලා අපි ටික දැන් ඉන්නවා.
ඔය අස්සෙ එකෙක් කිව්වා, මචං, එන පොට හරි නැහැ, අපි පනිමු කියල. ඉස්කෝලෙ පැත්තක ගේට්‍ටුවක් තියනව. අපි එතෙන්ට හෙමින් කිට්‍ටු කරනකොට අයිල දෙන්නෙක් එතන මුර, අපි වගේ අය පැනල යන එක වලක්වන්න. අද වගේම තමයි ඒ දවස් වලත් ගල් පැලෙන බොරු කියන්න අපි දක්ෂයි.
"අයියෙ, අන්න පෙළපාලිය යන්න හදනව, ඔයාලට එන්න කිව්වා X අයියා."
"අපි ගේට්‍ටුව බලා ගන්නම්....!"
අනේ අපරාදෙ කියන්න බැහැ ඒ අයියල දෙන්න....... අද නම් කොහේ ඉන්නවද දන්නෙ නැහැ......., ඒක අහපු ගමන්ම යන්න ගියා.
ගේට්‍ටුව ගාව ඉඳලා මහ පාරට මීටර් 100 විතර තියනවා. මහ පාර කිව්වට කොළඹ නුවර පාර. ගෙදර යන්න පාර පනින්න ඕනෙ. පාරෙ ඉඳල අහු උනොත් කෙලින්ම පොලිසියෙ. කරන්න දෙයක් නැහැ. කවදාවත් නොගිය පාරකින් කඩේක පිටි පස්සට ආව. කඩේ වැඩ කරපු ගෝලයෙකුට කිව්ව පාරෙ පොලිසියෙන් ඉන්නවද බලන්න කියල. හැබැයි ඉතින් කඩේ හිටිය අයත් අපිට බොහොම සහයෝගයක් දුන්න.
අපේ වාසනාවට පාරෙ පොලිසියෙන් හිටියෙ නැහැ. කට්ටිය පාර පැන ගත්තා. පාර දෙපැත්ත බැලුවද කියල මට අදවත් මතක් වෙන්නෙ නැහැ. ඔන්න ඉතින් වෙනද ගෙදර යනවට වඩා තුන් ගුණයක් විතර ඇවිදල, ඔලුව වටේ කණ අත ගානව වගේ මහ වටයක් ගිහින්, අනුන්ගෙ වතු උඩින්, වැටවල් උඩින්, ඇලවල් දිගේ ගිහින් ගෙදර ආව.
පස්සෙ ආරන්චිය ගෙදරට ආව, කට්ටියට හොඳට පොලිසියෙන් නෙලල. වාසනාවට වෙඩි තියලා නැහැ.
අල්ලපු ගෙදර කොලුවට කොසු මිටක් විතර වේ වැලකින් කොන්දට පාරක් දීලා. මම හවස මිනිහව බලන්න යනකොට අම්මා ඉදිමුමට තෙල් ගානව. ඒ මදිවට පොලිසියෙන් බේරෙන්න අඩි 15 විතර බැම්මකින් පැනලා. කොන්ද නොකැඩී බේරුන එක ඇති. අප්සෙට්ම කතාව තමයි, මිනිහගෙ පවුලම අමු UNP. එහෙව් එකා තම්යි JR ට විරුද්ධව උද්ඝෝෂණය කරල ගුටි කාල තියෙන්නෙ.
එදා ගොඩක් අයගෙ කතාව ඔය වගේ තම්යි.
එදා පෙලපාලියෙ සංවිධායකයො AL කරලා කැමපස් ගියා. අද ආණ්ඩුවෙම හොඳ රස්සා කරනවා.
ඔන්න එයාලගෙ විප්ලවය.
Sunday, January 16, 2011
මගේ ලේ විකිනෙන හැටි
දැක්කම ටිකක් හිත ගැස්සෙන subject එකක තමයි මේක. ඒත් මේක මටම සිද්ද වෙච්ච නිසා නොලියත් බෑ.
පසුගිය දවසක මගේ ලඟම යාලුවෙක්ගෙ අම්ම කෙනෙකුට හදිසියේ හදවත් by pass සැත්කමක් කරන්න සිද්ද උනා. මේක කලේ IT වලට ලොකු සම්බන්ධයක් තියෙන කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක. මේවගෙ අය කිරීම් සම්බන්ධයෙන් වෙනම ලිපියක් ලියන්න ඕනෙ. ඒක නිසා ඒ ගැන ලියන්නෙ නෑ.
සැත්කමට රුධිරය පයිට් 4 ක් ඕනෙ කරල තිබුනා. මේ ගැන මගේ මිත්‍රයා මට කිව්වෙ ඒ ගැන යමක් කරන්න මට පුලුවන් කියල තිබුන විස්වාසය නිසයි. ඇත්තටම පයිට් 4ක් කියන්නෙ 4 දෙනෙකුගෙ රුධිරය. ඒත් හදිස්සියෙ රුධිරය ඔනෙ උන නිසා මම ජාතික ලේ දීමේ සේවයේ (නාරාහෙන්පිට) වැඩ කරන මගෙ ලඟම මිතුරියකට කතා කලේ උදව්වක් ගන්න හිතාගෙන.
මගේ මිතුරිය නම් මට කිව්වෙ ඉස්සෙල්ම රෝහලෙන් පිටතින් ගෙනෙන ලේ බාර ගන්නවද කියල අහන්න කියලයි. රෝහලින් මේක ගැන ඇහුවම කිව්වෙ පිටතින් ගේන ලේ "ජාතික ලේ දීමේ සේවයේ" උනත් බාර ගන්නේ නැහැ කියලයි.
කමක් නෑ, වැඩේනෙ වෙන්න ඕනෙ කියලා කොල්ලො 7 දෙනෙක් එක්කරගෙන ගිහින් ලේ පයින්ට් 4 ක් දීලා ආවා.
ඒත් ඇත්ත තේරුනේ පස්සෙ.
ඇයි පිටතින් ගෙනෙන ලේ රෝහල බාර ගන්න බැහැ කිව්වෙ.
මම වෛද්‍යවරයෙක් නෙවෙයි. ඒක නිසා මේක කියවන වෛද්‍යවරයෙක් ඉන්නවනම් හැමෝට දැනුවත් වෙන්න අපිට ලියන්න.
කෙනෙක්ගෙන් ලේ ගත්තහම ඒවා ඒ විදිහට ම තියන්නෙ නැහැ. ලේ වල සංඝඨක වලට වෙන් කරල තමයි ගබඩා කරන්නෙ. ලේ වල තියන සංඝඨක තමයි
1. රතු රුධිරානු (red cells)
2. පට්ටිකා (platelets)
3. ප්ලස්මාව (plasma)
ලෙඩෙකුට මෙව්වා හැම එකක්ම ඕනෙ වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට ඩෙන්ගු රොගීන්ට දෙන්නෙ පට්ටිකා (platelets) විතරයි.
ඇයි ඉතින් රෝහල පිටතින් ගේන ලේ බාර ගන්න බැහැ කිව්වෙ. මොකද්ද ප්‍රශ්නෙ?
පිටතින් ගෙනාවනම් ගේන්න වෙන්නෙ අවශ්‍ය සංඝඨකය විතරයි. කලින් උදාහරණයම ගම්මු. ඩෙංගු රෝගියෙක් ඉන්නව පෞද්ගලික රෝහලක. එයාට ලේ ඕනෙ. පිටතින්, ඒ කියන්නෙ "ජාතික ලේ දීමේ සේවයෙන්" ඉල්ලීමක් කලොත් එයාල එවන්නෙ රෝගියට අවශ්‍ය පට්ටිකා (platelets) විතරයි.
ඉතින් රෝහලට තියන ප්‍රශ්නෙ මොකක්ද. ලොකුම ප්‍රශ්නෙ තමයි මසුරු කම.
අපි කවුරු හරි ලේ දෙනකොට අපි දෙන්නෙ රතු රුධිරානු, පට්ටිකා, ප්ලස්මාව කියන ඔක්කොම. රෝහල රෝගියට දෙන්නෙ මෙවයින් අවශ්‍ය සංඝඨකය විතරයි. අනික් එව්වා ඉතුරු කරගන්නවා. ඉතුරු කරගෙන වෙන කාට හරි විකුනනව.
ඔන්න ඔහොමයි අපේ ලේ විකිනෙන්නෙ.
එහෙම කරන්න පුලුවන්ද කියලා නීතිමය තත්වය කාට හරි පැහැදිලි කරන්න පුලුවන්නම් ඒකට අපෙන් ඉඩ.....!
රෝහල් එහෙම නොකරනවැයි කියල කියනවනම් ඒ ගැන කරුණු දක්වන්නත් මෙතන අපි ඉඩ දෙනව.
Thursday, January 6, 2011
කාන්තාවන්ට පමණයි!
මගේ මිතුරියකට ලඟදි මුහුන දෙන්න සිද්ද වෙච්ච දෙයක් නිසාම මේක ලියන්න හිතුනෙ.
ලඟදි එයා ගිහින් අලුත් ඇඳුමක් ගන්න.2010 2011 ත් ලැබුවනෙ ලඟදි. මෙයා තෝරල තොරල අරගෙන තියෙන්නෙ ටිකක් කර පලල ඇඳුමක්. ජනවාරි 1වෙනිදම බොහොම උජාරුවට මේකත් ඇඳගෙන බස් එකට නැගල වැඩට එන්න කියල. බස් එකේ වාඩිවෙන්න ආසනේකුත් හම්බ වෙලා. ටික වෙලාවකින් බස් එකට සෙනඟ පිරිල. මෙයා ලඟින් කොල්ලෙකුත් හිටගෙන ඉඳල. ටික වෙලාවකින් තමයි මෙයාට තෙරිලා තියෙන්නෙ කොල්ල උඩින් එයාගෙ පපුව දිහා බලා ඉන්න බව. කර පලළ ඇඳුමක් ගත්ත එකේ මෝඩකම කියල එයට හිතුන බවයි මටනම් එයා කිව්වෙ. ඒ කිව්ව විදිහට මගේ මිතුරිය හරිම අපහසුතාවයට පත් වෙලා මේ වැඩෙන්.
මම නම් ගත් කටටම කිව්වෙ අඳින්න බැරි අඳුම් ගත්තට හොඳ වැඩේ කියලා. ඒකට කෙල්ලට තවත් upset ගියා. මම එහෙම කිව්වෙ එයාව තව ටිකක් අවුස්සන්න හිතාගෙන. මට ඇත්තටම කියන්න ඕනෙ උනේ වෙනත් දෙයක්.
මේ දවස් වල ඇඳුම් ගැන රටේ ඇමති කෙනෙකුත් නොයෙක් කතා කියනව අහල ඇතිනෙ.
මටනම් මගේ හිතවත් කාන්තා පාර්ෂවයෙ අයට කියන්න තියෙන්නෙ මෙන්න මේ ටිකයි.
ඔයාලට කැමති අඳුම් ඔයාල අඳින්න. කවුරුවත් ඔයාල අඳින දේවල් පාලනය කරන්න එන එක මම නම් අනුමත කරන්නෙ නැහැ. ඔයාල ඇඳුම් තෝරනකොට ඒක කොට එකක්ද, slit එකක් තියනවද, කර පලළ එකක්ද, අත් නැති එකක්ද, trasnparent එකක්ද, මෙකී නොකී සියලු දේවල් බලලනෙ ගන්නෙ. Fit on කුටියෙදි මේවා ලස්සනයි තමයි. ඒත් ඔයාලට මෙවා හිතට අපහසුවක් නැතුව පාරෙ තොටේ අඳල යන්න පුලුවන් වෙයිද කියලත් ටිකක් හිතල බලන්න.
බටහිර රටවල ඉන්න ගෑනුන්ටනම් කැමති දෙයක් ඇඳල පාරෙ බැහැල යන්න පුලුවන්. එයාලට කවුරු බැලුවත් ගානක් නෑ. ඒ තමන්ගෙ සිරුර ප්‍රදර්ශනය වීම ගැන එයාලට බයක් නැති හින්දයි. ඒත් අපේ රටේ අය fashion කරන්න කැමති උනාට ඇඟ පේනවට බයයි. කවුරුත් බලයි කියලා නිතර තමුන්ගෙ ඇඳුම් හරිගස්සනව. එහෙනම් මගේ හිතවතියන්ට options දෙකක් තියනව තෝරගන්න.
1, තමන්ගෙ සිරුර ප්‍රදර්ශනයවීම ගැන ගනන් නොගෙන තමන්ට කැමති දෙයක් ඇඳීම.
2. එහෙම බැරි අය ඇඳුම් තෝරගන්නකොට තමුන් අපහසුතාවයට පත් නොවෙන ඇඳුම් තෝරගන්න එක
ඒ කොහොම ඇන්ඳත් එය තමුන්ගේ තෙරීමක් විය යුතුයි. ඇමති කෙනෙක් නියම කරන දෙයකට ඔයාල කොහොමටත් අකමැති බව අහන්නත් දෙයක්යැ.
ලඟදි එයා ගිහින් අලුත් ඇඳුමක් ගන්න.
මම නම් ගත් කටටම කිව්වෙ අඳින්න බැරි අඳුම් ගත්තට හොඳ වැඩේ කියලා. ඒකට කෙල්ලට තවත් upset ගියා. මම එහෙම කිව්වෙ එයාව තව ටිකක් අවුස්සන්න හිතාගෙන. මට ඇත්තටම කියන්න ඕනෙ උනේ වෙනත් දෙයක්.
මේ දවස් වල ඇඳුම් ගැන රටේ ඇමති කෙනෙකුත් නොයෙක් කතා කියනව අහල ඇතිනෙ.
මටනම් මගේ හිතවත් කාන්තා පාර්ෂවයෙ අයට කියන්න තියෙන්නෙ මෙන්න මේ ටිකයි.
ඔයාලට කැමති අඳුම් ඔයාල අඳින්න. කවුරුවත් ඔයාල අඳින දේවල් පාලනය කරන්න එන එක මම නම් අනුමත කරන්නෙ නැහැ. ඔයාල ඇඳුම් තෝරනකොට ඒක කොට එකක්ද, slit එකක් තියනවද, කර පලළ එකක්ද, අත් නැති එකක්ද, trasnparent එකක්ද, මෙකී නොකී සියලු දේවල් බලලනෙ ගන්නෙ. Fit on කුටියෙදි මේවා ලස්සනයි තමයි. ඒත් ඔයාලට මෙවා හිතට අපහසුවක් නැතුව පාරෙ තොටේ අඳල යන්න පුලුවන් වෙයිද කියලත් ටිකක් හිතල බලන්න.
බටහිර රටවල ඉන්න ගෑනුන්ටනම් කැමති දෙයක් ඇඳල පාරෙ බැහැල යන්න පුලුවන්. එයාලට කවුරු බැලුවත් ගානක් නෑ. ඒ තමන්ගෙ සිරුර ප්‍රදර්ශනය වීම ගැන එයාලට බයක් නැති හින්දයි. ඒත් අපේ රටේ අය fashion කරන්න කැමති උනාට ඇඟ පේනවට බයයි. කවුරුත් බලයි කියලා නිතර තමුන්ගෙ ඇඳුම් හරිගස්සනව. එහෙනම් මගේ හිතවතියන්ට options දෙකක් තියනව තෝරගන්න.
1, තමන්ගෙ සිරුර ප්‍රදර්ශනයවීම ගැන ගනන් නොගෙන තමන්ට කැමති දෙයක් ඇඳීම.
2. එහෙම බැරි අය ඇඳුම් තෝරගන්නකොට තමුන් අපහසුතාවයට පත් නොවෙන ඇඳුම් තෝරගන්න එක
ඒ කොහොම ඇන්ඳත් එය තමුන්ගේ තෙරීමක් විය යුතුයි. ඇමති කෙනෙක් නියම කරන දෙයකට ඔයාල කොහොමටත් අකමැති බව අහන්නත් දෙයක්යැ.
Tuesday, January 4, 2011
සමහර දේවල්
සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ. ඒ බව දැන දැනත් සමහර දේවල් ගැන අපි බලාපොරොත්තු තියා ගෙන ඉන්නවා.
සමහර දේවල් අපි හිතේ හංගගෙන ඉන්නව. හිතේ තියාගෙන වද විඳිනවා.
සමහර දේවල් ගැන අපි හිත හදාගන්න බලනවා. ඒත් කවදාවත් හිත හදා ගන්න බෑ.
සමහර දේවල්වලට අපි ගොඩක් සංවේදීයි. එත් එක අපි ඒක පෙන්නනෙ නෑ.
සමහර දේවල් ගැන හිතනකොට දුකයි. එත් ඒ දුක තමයි සතුටත්.
සමහර දේවල් අපි හිතේ හංගගෙන ඉන්නව. හිතේ තියාගෙන වද විඳිනවා.
සමහර දේවල් ගැන අපි හිත හදාගන්න බලනවා. ඒත් කවදාවත් හිත හදා ගන්න බෑ.
සමහර දේවල්වලට අපි ගොඩක් සංවේදීයි. එත් එක අපි ඒක පෙන්නනෙ නෑ.
සමහර දේවල් ගැන හිතනකොට දුකයි. එත් ඒ දුක තමයි සතුටත්.
Subscribe to:
Posts (Atom)