අද කන්තෝරුවේ නත්නල් සාදයයි. කලින් එයට සහභාගි වීමට සිතා හිටියත් හේතු කිහිපයක් නිසා එය වැලකී ගියේය. කන්තෝරුවේ හිතවතුන් කිහිපදෙනෙක් පෞද්ගලිකව පැමිණ මට සාදයට පැමිණෙන මෙන් කල ඉල්ලීමට පිටු පෑමට වීම කණගාටුවට කරුනකි. එක මිතුරෙකු මා තම රථයේ නංවාගෙන ඒමට පවා කැමැත්ත පලකලත් එසේ නොකලේ ඔවුන්ට මා ඇනයක් වේ යයි සිතුනු නිසාය.
සාදය ජයටම පැවැත්වුනු බව දැනට ආරන්චිය. මෙවන් අවස්ථා වලදී සංගීතය සැපයීමේ වගකීම පැවරෙන්නේ කන්තෝරුවේම හිතවතෙකුවන ඩී. ජේ. ලසී ටය. අද ඔහුට කාර්ය බහුල දවසක් වූ බව නො අනුමානය.
මෙවන් අවස්ථා වලට සංගීතය සැපයීමේදී මුහුනදෙන එක ගැටලුවක් වන්නේ අසන්නන්ගේ ඉල්ලීම් සැපයීමය. අසන්නන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ගියොත් එය ඩී.ජේ කිරීමක් නොවේය. එසේ නොකලොත් එය අසන්නන්ගේ දෝශදර්ශනයට ලක්වේ.
මෙවැනි අවස්ථා වලට සංගීතය සැපයීමේදී විවිධ වර්ගයේ පුද්ගලයන් හමුවේ. වරෙක මා සංගීතය සැපයූ සාදයකට පැමිණි මැදිවියේ පුද්ගලයෙකුගෙන් මා ගැලවුනේ මහත් වෑයමක් දරාය (මමත් හීනියට ඩී.ජේ කරනවාය ;-) ).
ඔහු මාවෙත පැමිණ ඔහුට ගීතයක් ගයන්න හැකිදැයි මගෙන් විමසීය. සාමාන්‍යයෙන් මා මයික්‍රෆෝනය අන් අය අතට පත්කරන්නට අකමැතිය. එයට මූලික හේතුව එක අයෙකුට දුන්විට තව කිහිප දෙනෙකුට මයික්‍රෆෝනය ඕනෑවන බැවිනි. මෙම අවස්ථාවෙදිනම් ඔහු පදමට වඩා වැඩියෙන් මදුවිත පානය කර තිබූ නිසා කොහොමටත් මගේ අකමැත්ත මට පැවසීමට සිදුවිය. එය එතනින් නිමාවට පත් නොවුනි.
"පුතා අද මම මෙතෙන්ට ආවෙ සින්දු කියන්න......"
"මාව මෙතෙන්ට ගෙන්නුවෙ සින්දු කියන්න..... මම දන්නෙ නෑ ඔය පුතා එනවා කියලා...!"
මගේ සහායක මගේ මුහුන බලයි. ඔහුට සිනා යන්න ඔන්න මෙන්නය.
"පුතා දන්නවද (.......) ගමට මම තමයි මුලින්ම සංගීත කන්ඩායමක් ගෙනාවෙ!"
"ආ.... ඇත්තද අන්කල්!"
"පුතාට කියන්න... මම අපේ ගමේ සංගීත කන්ඩායම් දෙකක් හැදුවා"
"මම (.......) තරඟෙටත් ඉන්ඳල තියනවා. පොඩි කොල්ලො කෙල්ලන්ට මාත් එක්ක හැරෙන්නවත් බැහැ"
ඔහුට පිටුපසින් ඔහුගේ නෑදෑයින් පිරිසක් ඔහුත් සමග වැඩිය භජනයට නොයන මෙන් මට හස්ථ මුද්‍රාවෙන් කියයි.
"පුතා ඕක ටිකක් නතර කරන්න"
මම ශබ්දය ටිකක් අඩු කෙරුවෙමි.
"පුතා, ඔයා අද මෙතෙන්ට එන්න ඕනෙ නෑ..... මට සින්දු කියන්න තිබුන, දන්නවනම් මගේ සංගීත කන්ඩායමක් මම ගේනවා.... අපරාදෙ"
මගේ සහායක මට ඇඟිල්ලෙන් අනියි.
මගේ කට කොනනට නොදැනුවත්වම සිනහවක් පැමිණියේය. වරද මගේය.
"පුතා, ඇයි මට සින්දු කියන්න බෑ කියල හිතුවද?"
"මට අලුත් ගායකයො කියන හැම සින්දුවක්ම කියන්න පුලුවන්"
"ඔන්න බලන්න පුතා........"
ඔහු චන්දන ලියනාරච්චි මහතාගේ කඩුපුල් මල ගීතය ගායනා කිරීමට පටන් ගනී.
ඇත්තය, ඔහුට ගායන හැකියාව ඇත. ඇනයක් වීමේ හැකියාව ඕනෙවටත් වැඩියෙන් ඇත.
"කොහොමද පුතා"
"ශා... අංකල් මරුනෙ"
මගේ සහායක බිම බලා ගනියි.
"දැන් ඉන්න කොල්ලන්ට ඒ වගේ සින්දු කියන්න පුලුවන්ද....."
"ඔන්න බලන්න පුතා...."
ඔහු කලින් ගීතයම ස්වර වලින් ගායනා කරයි. එසේ ස්වර වලින් ගායනා කිරීම ඉතා අපහසු කටයුත්තකි. එසේ කල හැක්කේ සංගීතය සෑහෙන දුරට හැදෑරූ අයට පමණකි.
මේ වන විට ඔහුගේ ඥාතීන් කිහිප දෙනෙක් පැමිණ ඔහුව අප කෙරෙන් ඉවත් කරගෙන ගියෝය.
මමත් සහායකත් අපගේ ඩී.ජේ උපකරණත් තනි කර දමා ඉවතට ගියේ හිතේ හැටියට හිනා වීමටය.
heheh ela ela
ReplyDeleteha ha ha ha ha
ReplyDeleteමයික්‍රෆෝනය වෙන අයට දෙන්නෙ නැත්තෙ ඇයි....?? දුන්නා කියල මට නම් එකේ වරදක් පේන්න්නෙ නෑ...
ReplyDeleteඇයි බයද එක උස්සයි කියල...?
මයික්‍රෆෝනය අන්සතු කිරීමෙන් බොහෝ විට වන්නේ අවැඩකි. එය මා ගිය කාර්යය ඉටුකිරීමට සහ මා බාර ගත් වගකීම හරියට ඉටු කිරීමට බාධාවකි.
ReplyDeleteඑය එසේ නොවන අවස්ථාවල මයික්‍රෆෝනය ගිල දැමුවත් මට කමක් නැත. :)