Tuesday, November 30, 2010

සංගීත අච්චාරුව


මෙය ලිවීමට සිතුනේ අද කන්තෝරුවේ සිදුවූ සුලු සිදුවීමකි.

මා මිතුරෙක් ඔහුට ගීත අන්ත්ර්ජාලයෙන් නොමිලයේ බාගත කල හැකි අඩ්වියක් සොයා දෙනමෙන් ඉල්ලීමක් කලේය. එවන් අඩවි ඉතා අල්ප බැවින් මට කල හැකි උදව්ව මම ස්කයිප් හරහා යැව්වෙමි.

එය මගේ මාතෘකාවට අදාල නැත.

ඔහු උග්‍ර හිප්-හොප් ලෝලියෙකි. අසන තරමක් අසන්නේ ඒවාය. මගේ තවත් මිතුරෙක් අසන්නේ සිංහල සම්භාව්‍ය සංගීතය පමණකි. තවත් මිතුරෙක් අසන්නේ "මල්" සින්දු පමණය. සමහර මිතුරියන්ට හින්දි චිත්‍රපට ගීතවලට වඩා දෙයක් නැත. ඊටත් එහාට ගිය සමහරු අසන්නේ ‍තෝරාගත් ගායකයන් කිහිප දෙනෙකුගේ ගීත පමණකි. මෙතනින්ද නොනැවතී සමහරු තමන්ගේ සංගීතය උසස් බව පෙන්වීමට නොයෙක් තර්ක ගෙනෙති.

තමන්ට කැමති සංගීත ආරක් රස විඳීම තමන්ගේ අයිතියකි. එහෙත් ඔනෑම දෙයක් තුල කො‍ටු වීම තම නිදහස අවුරා ගැනීමකි. යමක් හොඳයයිද තවෙකක් නරකයැයිද තීරනය සාපේක්ශය. සංගීතය එවැනි දෙයක් ද?

මෙන්න තවත් උදාහරණ.

සමහර මිතුරන් සංගීතය අසන්නේම නැත. පිටරට වෙසෙන මගේ මිතුරියක් අසන්නේ ඩෙත් මෙට්ල් (Death Metal) සංගීතය පමණකි. ඇයට හිප්-හොප් අජූවය. ඩෙත් මෙට්ල් නම් අප කාටත් අජූවය.

1 comment: